SL HipHop Music Kaasiye Saapaya - Husky J , Aki Vish , Mr. D Mp3 Download ~ SL Hiphop Music

Kaasiye Saapaya - Husky J , Aki Vish , Mr. D Mp3 Download

Listen Kaasiyeda Saapaya - Husky J , Aki Vish , Mr. D 

Kaasiyeda Saapaya - Husky J , Aki Vish , Mr. D  Lyrics
 1st Verse (HUSKY J)

කළු සුදු වෙවි මේ කැරකෙන පෘථිවිය...මුලාවුනු හැමටම වෙන මේ පෙරළිය...
විස්තර කථනය මට අවසරය...දුප්පත්කම ගැන කරන අඩහැරය...
පීඩිත පංතිය හැම තැන පැතිරුම... සමහර උන්හට ඇදිවත පමණය...
අසරණ කිරිකැටි දරුවන් පාරෙය... මව් සෙනෙහස නැත නිවහන වීදිය...
යාචක රැල් ලෙස වීදි පුරා දුව...හිගමන් යදිනා අබුද්දස්ස කාලය...
නෙතගින් බලනට අසික්කිත ලෝකය ... මෙපමණ අකුසල් කරලා නේද අප...
දුප්පත්කම තරම,වරම හැමදේම දැනගෙන කොට උඩ යන ජීවිතය...
උතුර දකුණ බටහිර නැගෙනහිරද... අපහට අපමණ ලෙස දර්ශනය...
කාලකණ්නිකම උපරිම,සපිරිම කොච්චර බණ කිව්වත් නෑ ඵලය...
මොනවා කරන්නද ලබා උපන් හැටි කියමින් කන ලග කන්දොස්ගිරියාව ....
ඍණ චින්තනයයි හැමවෙලේ දුප්පත් ලෙස කිසි විට නෑ ස්ව උත්සහය...
එකෙක් උඩට යයි... එකෙක් බිමට යයි....මොකක්ද බන් මේ සමාජ බෙදුම...

Hook (Aki Vish)

නොඇසේදෝ... කිරි දරුවන්ගේ විලාපේ...
අතරමන් වී මේ කුරිරු ලෝකේ... රහසේ...
කොහෙද මනුසත්කම දෙවියනේ... අප සොයයි...
මිල මුදලට යටවුණු ජීවිතේ..
දූවිලි අංශු මෙන් පාවේ... අන්ධකාරයේ...
කාසියේ ශාපය තිබෙනා තුරු ලෝකයේ...

2nd Verse (Mr. D)

හිගා කෑම බැරි තැන ලැගපන් ගයා මර ගීත තාලෙන්,
හිගා කෑම දුප්පත්කම ඔක්කොම නුබෙයි වරද නොව කාගෙත් !
කරයි කාසි ජීවිත මත තීරන - අපියි දාසි කාසිය උඩ නැටවෙන ,
හිතයි - ගතයි - නුබේ ගටයි එක්වෙන තැන කරවයි බිල්ගේට්ස් උබේ සේවක !
හිතට වදින ලොකුම දෙයකි ලොවට සල්ලි බාගෙ,
මිලට ගන්න හැකිද සතුට දීලා මොණරු දාහේ ,
දස්කම් මරලා හන්ගලා - බොරු දෙයියෙක් එනකම් බල බලා ,
දිලිදුකමද කිරුලකි මචන් හැමදාමත් වාගෙ!
පිස්සෙක් වගෙ එපා දොඩවලා බලපන්- පිස්සෙක් වගෙ උබ වෙහෙසුනොත් රන්වන් ,
වැටෙන දහඩියේ සුවද කොහෙද බන් කළු සල්ලි කොල වල ගෑවිලා. ,
නැතිකම- ඇතිකම -කරවා පෙන්වලා පත්තර පිටු ගනන් මිනිස්සු පුරවලා ,
සියව දහස් වර සිතපන් නුඹ ගැනම නැත්තන් දෛවේ හිනාවෙයි උඹටම....

Hook (Aki Vish)

නොඇසේදෝ... කිරි දරුවන්ගේ විලාපේ...
අතරමන් වී මේ කුරිරු ලෝකේ... රහසේ...
කොහෙද මනුසත්කම දෙවියනේ... අප සොයයි...
මිල මුදලට යටවුණු ජීවිතේ..
දූවිලි අංශු මෙන් පාවේ... අන්ධකාරයේ...
කාසියේ ශාපය තිබෙනා තුරු ලෝකයේ...

3rd Verse (Aki Vish)

යන යන තැන සල්ලි මිටි පොදි බැඳන් පොඩි මිනිහව සූරා කන ධනපති නරපති...
මැරිලා ලගින වල පුරවපන් කුණු වෙයි උඹලත් එක්කම නිරයට යන කළු සල්ලි...
පාරේ දැක දැක වීදී දරුවන් කුසගිනි තරුපහේ වැජඹෙන අඟන රඟන ඇඹරෙන කිම්බට විසි කරයි කරුම සාපලත් කාසිය අතට පයට නොදැනිම...
සිතන පතන කරන කියන දේ මිනිසත්කමට කරන රුදුරු සුනඛ පාප කර්ම සීමා නැති වු විට...
ජීවි හරය කාසි අතර ඉහල පහල අතින් අතට ඉමක් නොමැති වගක් නොවන ලෙස හැසිරෙන කල...
කුසට අහර සොයාගන්න පදික වේදිකාවේ හිඟන දරුවා විකුණ විකුණ සල්ලි ගරා ගන්න මාන බලන...
අබුද්දස්ස කාලේ වැදුනු සාපේ තරම නොතෙරුණු හීන මාන් වලින් පිරුණු රූකඩ නැටවෙයි සොඳ...
කාසිය පීඩිත පන්තිය අන්ධකාර ධනපති වහල්බව අමරණීය කරවන..
ආහ් ශාපය...කරවයි දුබලයා දුබලම කඳුළු බිබී ජීවත් වෙන්න යනකන් අඩි 6ක් යට
භීතිය.... නැඟෙන්නේ ගිනිදැල් ලෙස අසරණ මිනිසුන් හට සීමා වී නීතිය කාසි බලයට
අපට ලැබේද දිනක සැමට එක ලෙස සලකන සොඳුරු මනුදම් ගුණ....

Hook (Aki Vish)

නොඇසේදෝ... කිරි දරුවන්ගේ විලාපේ...
අතරමන් වී කුරිරු ලෝකේ... රහසේ...
කොහෙද මනුසත්කම දෙවියනේ... අප සොයයි...
මිල මුදලට යටවුණු ජීවිතේ..
දූවිලි අංශු මෙන් පාවේ... අන්ධකාරයේ...
කාසියේ ශාපය තිබෙනා තුරු ලෝකයේ...
Kaasiye Saapaya - Husky J , Aki Vish , Mr. D Mp3 Download

Previous
Next Post »